si_3645980_0 අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඉතිරි පළාත් පාලන ආයතන 208 සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය ලබන 4 වන දා හෝ 5 වන දා නිකුත් කිරීමට හැකියාව හිමි වන බව ය si_3645980_1 පළාත් පාලන ආයතන 93ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 27 වන දා ආරම්භ විය si_3645980_2 ඒ, පළාත් පාලන ආයතන 93කට අදාළ නාමයෝජනා භාර දීමේ නිවේදනය ප්‍රකාශයට පත් කිරීමත් සමග ය si_3645980_3 මේ අනුව ලබන 13 වන දා මධ්‍යහ්න 12 දක්වා පළාත් පාලන ආයතන 93කට අදාළ මැතිවරණයට ඇප මුදල් තැන්පත් කළ හැකි ය si_3645980_4 ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම ලබන 11 වන දා සිට 14 වන දා දක්වා සිදුවේ si_3645980_5 මෙවර මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කළ යුතු වීම ද විශේෂත්වයකි si_3645980_6 මේ අනුව ස්වාධීන කණ්ඩායම් සඳහා අපේක්ෂකයෙකු රුපියල් 5000ක් සහ දේශපාලන පක්ෂයක එක් අපේක්ෂකයෙකු සඳහා රුපියල් 1500 බැගින් ඇප මුදල් තැන්පත් කළ යුතු වේ