si_3361864_0 මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව අද සිට එම ක්‍රියාමාර්ගය ගත් බවයි. දේශීය වශයෙන් බහුලව එතනෝල් නිෂ්පාදනය කරන බැවින් මෙලෙස එතනෝල් විදෙස් රටවලින් මෙරටට ගෙන්වීම අත්හිටුවීමට පියවර ගෙන තිබේ